ඔයා දැනට රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් Freelancing හෝ තමන්ගේම ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් විදියට මම අද කියන්න යන්නෙ මේ 3 ගැන හොඳ අවබෝධයක් ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්න.
මේ ගැන කතා කරන්න කලින් මුලින්ම කියල ඉන්න ඕන, ඔබ ගුරුවරයෙක් නම්, ත්‍රිවිධ හමුදාවෙ කෙනෙක් නම්, වෛද්‍යවරයෙක් නම්, හෙද නිලධාරියෙක් නම්, ඔබ කරන්නෙ ගෞරවාන්විත සේවාවක්. අපිට ඒ ගැන කතා කරන්න අයිතියක් නෑ. මේ ආකාරයේ ගෞරවාන්විත සේවාවන් කරන සියළු දෙනා අත හැර සාමාන්‍ය පෞද්ගලික හෝ රජයේ රැකියාවක් කරන අය සහ මේ රට තුල සිටින ව්‍යාපාරිකයින් හා Freelancers ල සඳහා පමණයි මේ ලිපිය. ඒකෙත් මම මේ කියන්න යන්නෙ මෘදුකාංග සහ වෙබ් කරන අය මූලික කරගෙන. අනික් වෘත්තියයන් සඳහා මේ දේවල් ආදේශ කර ගැනීම ඔයා සතු කර්තව්‍යයක්.
මොකක්ද මේ Freelancing කියන්නෙ?
මේ ඔයාගෙ පළමු පියවරයි. මුලින්ම අන්තර්ජාලයෙන් වේවා, local market එකෙන් වේවා, කිසි කෙනෙකුට බැඳිල නැතුව නිදහසේ වැඩ කරල ආදායම් උපයන නිදහස් පුද්ගලයෙක් තමයි Freelancer කෙනෙක් කියන්නෙ. මෙයා වැඩ කරන්නෙ මෙයාට ඕන විදියට. කිසිම කෙනෙකුට යටත් නෑ. Freelancing.com කියල Website එකක් තියෙනව. එතකොට මේ Freelancer කියන්නෙ freelancer.com site එකේ වැඩකරනව කියන අර්ථය නම් නෙමෙයි. ගොඩක් අය හිතන් ඉන්නෙ freelancer කියන්නෙ freelancer.com site එකේ වැඩකරන අයට කියල. ඒක වැරදී. අපි උදාහරණයක් විදියට ගත්තොත් Software / Web Developer කෙනෙක්, මෙයාට තනියම ගෙදර ඉඳන් ලංකාවෙ local market එකේ ඉන්න Companies ටික අල්ලල තනියම වැඩ කරගෙන යනව නම්, එයත් freelancer කෙනෙක් තමයි.
Business එකක් කියන්නෙ මොකක්ද?
කලින් Freelancer කෙනෙක් විදියට වැඩ කරපු කෙනා, එයාගෙ උත්සාහයයි, කැපවීමයි දිනෙන් දින, මාසෙන් මාසෙ දියුණු කර ගත්තම පොඩ්ඩ පොඩ්ඩ මාසික ආදායම එන්න එන්න වැඩි වෙනව.. ඒ වගේම එයාට ලැබෙන Projects ප්‍රමාණයත් වැඩි වෙනව. නිකන් වැඩි වෙන්නෙ නෑ. කලින් කරපු වැඩ වල Quality එකයි, Customer Feedback එකයි වගේ දේවල් වලින් තමයි ආදායම වැඩි වෙන විදියට Projects හොයාගෙන එන්නෙ. ආවට ගියාට වැඩකරන කෙනෙක්ට එහෙම වෙන්න අමාරුයි.
දැන් මෙයාට වැඩ වැඩි නිසා කාලය පිලිබඳ ගැටළුවක් එනව ටික දවසකින්.. අන්න එතකොට එයාට පුළුවන් එයාගෙම කියල නමකින් ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරගෙන පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න තව Employees ල දෙතුන් දෙනකුත් අරගෙන.
දැන් freelancer කෙනෙක් විදියට හිටපු කෙනා රැකියා උත්පාදකයෙක්. දැන් මෙයා හින්ද තව පවුල් දෙක තුනක් නඩත්තු වෙනව. දැන් ආදායම කලින්ට වඩා වැඩි වෙනව.
රැකියාවක් (Job) කියන්නෙ මොකක්ද?
ඔයා හොඳට ඉගෙනගෙන ගොඩාක් Qualification හදා ගන්නව පොඩි කාලෙ ඉඳන්. ඉගෙනගෙන අවසන් කියල හිතෙන කාලෙට CVs ගොඩක් යවල අර කිව්ව වගේ Freelancer කෙනෙක් විදියට හිටපු කෙනෙක්ගෙ Business එකක Employee කෙනෙක් වෙනව. දැන් මෙයා ලොකූ Qualification ගොඩක් එක්ක වැඩ කරනව අර Freelancer ලඟ. ඉතින් මෙයාට වැඩ කරන්න කාල රාමුවක් තියෙනව.. ලොකු බලාපොරොත්තු නෑ. උදේ 8.30 ට ඇවිත් හවස 5.00 වෙනකන් එක දිගට වැඩ කරන්න වෙනව. ඉරිද සෙනසුරාද හැර අනිත් හැම දවසකම වැඩ කරල මුල් මාස 6 ට රුපියල් 30,000 ක වගේ වැටුපක් ගන්නව.. හැබැයි වැඩ කරන්න බැරි උන දවසට පඩි කපනව. අර Freelancer කරපු කෙනා හොඳ කෙනෙක් නම් පඩි කපන එකක් නෑ.
මෙහෙම වැඩ කරද්දි දිගටම එක එක නොයෙක් විදියෙ Projects එනව. ඒව කරල දෙන්න ඕන අර ව්‍යාපාරිකය කියන විදියට. මොකද එයා තමයි Project එක වෙන්නෙ මෙහෙමයි කියල Design කරන්නෙ.. අපි ඒ ව්‍යාපාරිකයට කියමු කසුන් කියල. ඉතින් මේ කසුන් සමහර විට A/L වත් පාස් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කසුන් පොඩි කාලෙ ඉඳන් පිස්සෙක් පිස්සෙක් වගේ කරේ Code කර කර Computer එක්ක විනෝදාංශයක් විිදියට වැඩ කරපු එක. කසුන් ගොඩක් නිර්මාණශීලියි.. එයා වැඩ කරන්නෙ එයා වෙනුවෙන් නිසා එයා හොඳට Plan කරල තමයි Customers ල එක්ක වැඩ කරන්නෙ. එයා දන්නව customer happy වෙන්න හරියටම වැඩේ කරල දෙන්න.. ඉතින් සමහර විට එයාගෙන් එයා යටතෙ ඉන්න අය බැනුම් අහන්නත් බැරි නෑ.
කොහොම හරි රැකියාවක් කරන කෙනෙක් පඩියකට සීමා වෙනව. එයා කොච්චර මැරුනත් හම්බෙන්නෙ එකම ගාන සාමාන්‍යයෙන්.. ඕන නම් Over Time හම්බෙයි ටිකක්.. එයාට Working Experience හැදෙනව. EPF ETF කැපිල 5 year වගේ Working experience එකක් හැදුනම එයාට හොඳ තැනක් හම්බෙනව.. 50,000 ක විතර Limit එකක් තියෙන Credit Card එකක් උනත් බැංකුවෙන් ගන්න පුළුවන්.. Housing Loan එකකට යන්නත් පුළුවන්...
දැන් මේ A/L වත් පාස් නැති කසුන්ට EPF ETF කැපෙන්නෙත් නෑ. Working Experience එකකුත් කොහෙවත් Record වෙලා වත් නෑ. දැන් මෙයාට Credit Card එකක් ගන්න බැරිද?
කසුන් යනව බැංකුවට.. පෙන්නනව එයාගෙ Current Account එකේ මාස 6ක income එක. Limit එක 100,000 ට වඩා Credit Card එකක් ක්ෂණික හම්බෙනව. වෙන බැංකුවකට යනව ලෝන් එකක් ගන්න... හිතමු එයාගෙ Current Account එක තියෙන්නෙ Sampath එකේ කියල. යනව BOC එකෙන් ලෝන් එකක් ගන්න.. Account එකක් වත් නෑ.. අලුතින් Account එකක් හදල Sampath Bank එකේ Current Account එකේ මාස 6ක Statement එක පෙන්නල Prop righter Seal එක ගහල දෙන්න විතරයි තියෙන්නෙ. ලෝන් එක Approved. BOC එකෙන් ඉල්ලනව අනේ අපෙත් Current Account එකක් Open කරන්නකො.. 100,000 ක Limit Card එකක් දෙන්නම්.. Please කියල.. බැංකුවෙන් හොඳ පිළිගැනීමක් එනව කසුන්ට ගේමක් නැතුව.
කාලයක් යද්දි කසුන් පටන් ගන්නව පිටරට Projects බැහැලම කරන්න. Dollars වලින් දැන් කසුන් ආදායම උපයන්නෙ. කසුන්ගෙ ආදාමය කිසි කෙනෙක් තීරණය කරන්නෙ නෑ. එයා සුපිරියට plan කරල customers ල ගානට බැලන්ස් කරල මාසෙට ලක්ෂ 7ක් 8ක් හොයනව. කෝටියක loan එකක් උනත් බැංකුවෙන් දෙන්න ලෑස්තියි. පිටරටකට යන්න උනත් බැංකු Account එක පෙන්නන්න විතරයි තියෙන්නෙ ක්ෂනිකව VISA හම්බෙනව..
ඉතින් ඔයා තීරණය කරන්න ඔයා Job එකක් කරන කෙනෙක් වෙනවද, නැත්නම් මහන්සි වෙලා හොඳ ව්‍යාපාරිකයෙක් වෙනවද කියල...
ඉස්සරහට ආටිකල් එකක් මම දාන්නම් හරි විදියට Customers ල බැලන්ස් කරන විදියක්.. ව්‍යාපාරයක් විදියට ගොඩනගාගෙන දියුනු වෙන්න ඕන කට්ටියට දැනගන්න ඕන වටින කරුණු ටිකක් එක්ක තව වැදගත් ලිපියක් බලාපොරොත්තු වන්න...
ස්තූතියි.




Comments
Post a Comment