Paypal වලින් ලංකාවට මුදල් ගෙන්වා ගනිමු


ලිපිය දැක්ක ගමන් කට්ටියට හිතෙන්න ඇති නේද Paypal ලංකාවට දිල වත්ද කියල. අපෝ නෑ. තාම මේ යක්කු මේක හදන්නෙ නෑ එපා වෙනව.. ඒත් අද මම කියන්නෙ හැමෝටම උදව්වක් වෙන්න සල්ලි Paypal හරහ නිවැරදිව ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් ගැන... කට්ටිය දැනටමත් දන්නවනෙ Malaysian වගේ රටකට හදල වැඩේ කරන්න පුළුවන් කියල. ඒත් ටික කාලෙකින් Account එකට අනිවා Shot එක හම්බෙනව. Limit වෙලා කියල කට්ටිය නහයෙන් අඬනව මම ඕන තරම් දැකල තියෙනව. මම කියන්න හදන්නෙ ඒ හදපු Account එක ලිමිට් නොවී හැමදාටම පාවිච්චි කරන්නෙ කොහොමද කියල. හොඳට මේ මම කියන කරුණු පිලිපැද්දොත් කිසි අවුලක් වෙන්නෙ නෑ. දැනට මගේ Paypal එකට මාසෙකට එනව හොඳ ගානක් එක එක දිහාස් වලින්. කිසිම අවුලක් නැතුව තාම තියෙනව. ඒත් ‍ඊට කලින් paypal accounts 4ක් 5ක් කෙල වෙලා අත්දැකීමෙන් තමයි දැන් දන්නෙ හරි විදියට පාවිච්චි කරන්නෙ කොහොමද කියල.. එහෙනම් වැඩේට බහිමු.

අපි Account එක දැන් හදන්න පටන් ගන්න හදන්නෙ. මේ වැඩේ කරන්න කලින් ඔයාල VPN ලොගින් වෙලා තියෙනව නම්, IP Hider පාවිච්චි කරල තියෙනව නම් එක එක Proxy භාවිතා කරනව නම් ඒ ඔක්කොම disable කරල දාන්න මේ වැඩේ කරන්න කලින්. Genuine Sri Lankan connection එකක් පාවිච්චි කරන්න ඕන. 

ඒ වගේම මම Recommend කරනව කිසිම වෙලාවක ඔයා සල්ලි මෙහෙට ගෙන්න ගන්න හදන මේ account එක හදන්න එපා Gmail, Yahoo වගේ Email වලට. Premium Domain එකක් තියෙන Email එකකටම හදන්න. ඒත් එක්කම ඔයා Online Business කරනව කියල පෙන්නන්න පුළුවන් මට්ටමක Website එකක් තියෙනව නම් ගොඩක්ම හොඳයි. ඒකෙ ඔයාගෙ ඇත්තම Details ටික Contact Us පේජ් එකේ දාල තියන්න. අර අපි දැන් පාවිච්චි කරන්න ඉන්න Email එකත් ඒකටම දාල තියන්න. කිසිම වැරදි Details එකක් දාන්න එපා.
දැන් අපි Paypal Account එක හදන්න යන්නෙ. අපි හදන්න යන්නෙ Philippines රටට හරි Malaysian රටට හරි. මම හදල තියෙන්නෙ Philippines වලට. දැන් www.paypal.com/ph කියල Type කරල ගිහින් Account එක Create කරන්න. මතක ඇතුව ඇත්තම Details දෙන්න මෙතනදි. කිසිම වැරදි එකක් දෙන්න එපා. රට විතරක් Philippines හෝ Malaysian තියෙන්න අරින්න. Phone Number එකට 0 නැතුව ඉතුරු ටික දෙන්න. +94 වෙනුවට වෙන එකක් තියෙයි. ඒක ගණන් ගන්න එපා. ඒක එහෙමම තිබුනාවෙ. Account එක හදද්දි Business Account එකක් විදියටම හදන්න. එ්කෙ Business Name එකට අර ඔයාගෙ Website එකේ Business Name එක දෙන්න.. දැන් Account එක අර Email එකෙන් Verify කරන්න. දැන් වැඩේ හරි.

දැන් ඔයා මේ account එකෙන් සතියක් යනකන් කිසිම දෙයක් කරන්න එපා. ඔහේ දවසකට එක පාරක් විතර login වෙලා logout කරල දාන්න.

Rule No 1 : No VPN, No IP Hider, No Proxy...

දැන් සතියකට පස්සෙ බලන්න මේ Account එක අවුල් වෙලාද කියල. අවුල් වෙලා නම් අළුත් Email එකකට හදන්න වෙනව. දැන් Shape එකේ Debit Card එක Add කරන්න යන්නෙ අපි. මේකට අනිවාර්යයෙන්ම HNB or Commercial Debit Card එකක් වෙන්නම ඕන.. දැන් මේක ඇඩ් කරල ඔයා මාස 3ක් මේ Account එක පරණ කරගන්න වෙනව නෝමල් එකේ සල්ලි එලියට ගන්නෙ නැතුව. ඒ මාස 3 ඇතුලත eBay එකෙන් මොනව හරි ගෙන්නන්න. ලොකු ලොකු දේවල් නෙමෙයි. පොඩි දේවල්. කාට හරි සල්ලි යවන්න. ඔයාගෙ අර Website එකේ නමින් සල්ලි එනව නම් ගොඩක් හොඳයි... Paypal Balance එකේ ඒ පිටින් ආව සල්ලි ඩොලර් 20ක් 30ක් තියාගෙන ඉන්න නිතරම. Withdraw කරන්න එපා. පොඩි History එකක් ගොඩනගා ගන්න මේ Account එකේ. ඔයාගෙ යාළුවෙකුට කියන්න එවන්න කියල 30$ ක් විතර. 

Rule No 2 : මේ මාස 3 ඇතුලත ඔයාගෙ Debit Card එකේ සල්ලි නැතුව Payment Declare වෙන අවස්ථා එකම එකක් වත් තියෙන්නෙ නැතුව වැඩේ සිද්ධ වෙන්න වග බලා ගන්නම වෙනව. ගොඩක්ම වැදගත් කාරණයක් ‍ඒක.

දැන් හරි. දැන් ඔයාගෙ ගිණුම යම් තත්වෙක තියෙන්නෙ. 

දැන් හෙමීට සල්ලි පොඩ්ඩ පොඩ්ඩ ඔයාගෙ Debit Card එකට Withdraw කරල බලන්න. කිසිම අවුලක් නැතුව සල්ලි ඒවි. මේ විදියට හදපු Account Limit වෙන්නෙ නෑ. හැබැයි පු‍තෝ Paypal එකට බොරු කරන්න ගිහින් නම් කෙලෝ ගන්න එපා.

මොකද Paypal එක හොඳටම දන්නව ලංකාවට සල්ලි එන්නෙ නෑ ඒත් අපි බොරු රටක් දාල මේ හදල තියෙන්නෙ. අපි ඉන්නෙ ලංකාවෙ අපේ හැම දත්තයක්ම ඇත්ත. රට විතරයි වෙනස් කියල උන් හොඳටම දන්නව. ඒව එහේ Detect වෙනව. ඒත් උන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ රටක ආණ්ඩුවක Restriction හින්ද ඒ මිනිහට තියෙන සල්ලි හම්බුකිරීමේ අයිතියට පයින් ගහන්න. ඒ හින්දයි අපිට සල්ලි එවන්නෙ. ඒත් එහෙම එවන්නෙ වංචා කරන්නෙ නැති හොඳ Customers ල ට විතරයි. ඔයාගෙ Account එක Genuine විදියට පාවිච්චි කරනව නම් උන් කවදාවත් අපිට කෙලින්නෙ නෑ. උන් කැමැතියි අපි සල්ලි Withdraw කරන එකට. හැබැයි Paypal එක‍ට බොරු කරන්න ගිහින් කෙලෝ ගත්තොත් නම් අපි එහෙම නෑ ඔන්න.

HNB එක පාවිච්චි කරන්නෙ මම නම්. Withdraw එක කරපු ගමන් තප්පර 10ක් යන්න කලින් සල්ලි ඇවිත් Account එකට. ඒ තරම් Speed. 



හැමෝටම ජයෙන් ජය...

Comments

  1. aiye document illuwoth mehe ewada denne.. eka aulak wen nehene.. tawa ekk phone verification awoth mehe number demma eka aulak wen nedda. thanks..

    ReplyDelete

Post a Comment