මොනවද මේ Unlimited Web Hosting කියන්නෙ?

මොනවද මේ Unlimited Web Hosting Disk Space කියන්නෙ?

අපිට Unlimited Disk Space කියල නම ඇහෙද්දිම මතක් වෙන්නෙ 1000GB ක් 2000GB ක් උනත් පිරෙව්වට කිසිම ප්‍රශ්නයක් නැති ඇති වෙනකන් පුරවන්න පුළුවන් අසීමිත Web Space එකක් ගැන. හැබැයි ඕක නෙමෙයි ඇත්ත කතාව. මේ Unlimited කතාව පිළිබඳ සැඟවුනු කතාව දැනගන්න මේ ලිපිය හොඳින් කියවන්න...




හිතන්න මෙහෙම. 200GB HDD එකක් විතරක් ගහල ඒක තවත් Limit වලට කඩන්නෙ නැතුව මුලු 200GB ම පාවිච්චි කරන්න දෙන එකයි Unlimited කියන්නෙ. ඒ කියන්නෙ User  ට චාන්ස් එක දීල තියෙනව මුලු Hard Disk එකේම Capacity එක කිසිම Limitation එකක් නැතුව පාවිච්චි කරන්න.

මොකක්ද Infinity කියන්නෙ?

අන්න අපිට ඕන වචනෙ. ඒ කියන්නෙ අනන්තය. කිසිම නැවතුමක් නෑ කියන එක. ඔයා ලෝකෙ කොහේ හරි දැකල තියෙනවද අසීමිතව Storage තියෙන Hard Disks? නෑ නේද?  අපේ කට්ටිය හිතන් ඉන්නෙ මේ Unlimited කියන්නෙත් Infinity කියල. ඉතින් Customers ල රුපියල් 5000 ට තියෙන Unlimited Packages අරන් පස්සෙ කෑ ගහනව ඒක Limit කරල කියල.

මේ Unlimited Package එකක් ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

මුලින්ම ගන්න කලින් අහල බලන්න inode count එක කීයද කියල. ඒ කිව්වෙ cPanel එක ඇතුලෙ තියෙන Total files & folders ප්‍රමාණය. මේක පොහෝ විට 300,000 කට වගේ සීමා වෙනව. කවද හරි දවසක ඔයා cPanel එක ඇතුලෙ files and folders 300,000 ට පිරෙව්වොත් එතනින් ඔයාගෙ ලිමිට් එක ඉවරයි. Data වල capacity එක 100GB ද 1GB ද අදාල නෑ.

අලුතින් ගොඩක් එන Web Hosting විකුණගෙන එන කට්ටිය දන්නව මේ වචන දෙක පටලවගෙන ඉන්නෙ කියල අපේ රටේ කට්ටිය. ඉතින් Unlimited Packages දානව customers ලව අල්ල ගන්න.

Web Hosting ගන්න කට්ටියත් දැනගන්න ⁣ඕන ලෝකෙ කොහෙවත් Infinity Disk Storage තියෙන Hard Drives නෑ කියන එකත්.

Comments