5000 ට වෙබ්සයිට් හදන එක හරිද වැරදිද?


කිහිප පොලක දැක්ක 5000 ට 6000 ට Website හදනව කියල දාල තිබ්බ. 95% ක් පිරිස බැන්න මාකට් එක කැඩෙනව ඒ හින්ද එහෙම එපා ‍ලොකු ගණනකට හදන්න කියල. මේකෙ දෙපැත්තක් තියෙනව කියල තමයි මට නම් හිතෙන්නෙ. අපි බලමු දෙපැත්ත ගැනම හෙමීට. පොඩි සංවේදී කාරණා ටිකක් තියෙනව අපි ඒ ගැන හිතන්නෙ නැති දෙපැත්තෙම.

මුලින්ම අපි කල්පනා කරමු මේක. අපි ලැප්ටොප් එකක් අරගන්න හදනව. හිතමු Apple MacBook එකක් කියල. සාමාන්‍යයෙන් යන Price එක අපි දන්නවනෙ. හිතමු 200,000 ක් කියල. කෙනෙක් ඕක 220,000 ට විකුණන්න හදනව. තව කෙනෙක් 400,000 යි කියනව. තව කෙනෙක් 50,000 යි කියනව. අපි මේ 3 දෙනාගෙන් ගන්න පෙලඹෙන්නෙ 220,000 ට දෙනව කිව්ව තැනෙන් නේද? ඒකට හේතුව අපි යටි හිතේ දන්නව ඇත්තටම Price එක වෙන්නෙ මේකයි... 400,000 ට කියන එකා නම් අපේ සල්ලි ටිකට විදින්න යන්නෙ... 50,000 එකාගෙ ලැප අනිවා චයිනීස් බාල බඩුවක් වෙන්න ඕන කියල තමයි අපි හිතන්නෙ...

Web එකක් 5000 ට දෙනව කිව්වම ගැණුම් කරුවෙක් විදියට හිතන්න ඕනත් ඒ දේ. සාමාන්‍යයෙන් 30,000 ක් 40,000 ක් වගේ වෙන product එකක් ඇයි 5,000 ට දෙන්නෙ කියන එක. අපිට හිතන්න පුළුවන් එකක් බාල බඩු සහ පුරුදු වෙන්න කරන දේවල්.. අනික් එක එයා ක්‍ෂේත්‍රයට නවකයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්ත Price එක දන්නෙ නැතුව ඇති. අනික තමයි, අපිව අන්දල සල්ලි ටික අරන් මාරු වෙන එකෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය කරුණු කාරනා එක්ක අපිට පුළුවන් 5000 ට ගහන කෙනාව Reject කරන්න.


ඒත් එයාට බනින එකයි, 30,000 ට කරන්න කියල බල කරන එකයි වැරදී කියලයි මම හිතන්නෙ. මොකද ගැණුම් කරුවොන්ට මොලේ නැත්නම් තමයි අර 5000 එකට රැවටෙන්නෙ. ඒ නැතත්, ගැණුම් කරුවොන්ගෙ මොලේ පාදන එක අර ලොකු ගණන් වලින් කරන අයගෙ Marketing Skill එකක්. ඉතින් එයාලට ගැණුම් කරුවොන්ගෙ මොලේ පාදන්න Marketing Skill එක නැත්නම් Website හදන එක පැත්තක දාල වෙන රස්සාවක් කරන එක හොඳයි කියල මට කියන්න තියෙන්නෙ.

දැන් බලමු අපි 5000 ට සයිට් හදන කෙනෙක් ඉන්න තැන. ඇයි කෙනෙක් ගොඩක් අඩු ගාණට website හදන්න පෙලඹෙන්නෙ? මේ කරුණු විය හැකියි.


O/L A/L හරියට කර ගන්න බැරි වෙලා රස්සාවක් අවුරුදු ගාණක් හොයල හොයල අවසානෙ බැරිම තැන website හදන්න පෙලඹුන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ගෙදරින් රස්සාවක් හොයා ගන්න කියල නොසෑහෙන්න බනිනව වෙන්න පුළුවන්. ගොඩක් මානසිකව වැටිල කොහොම හරි රුපියල් 1000 ක් හරි හොයල අම්මගෙ අතට දෙනව කියන අහිංසක හැඟීම වෙන්න පුළුවන් එයාට තියෙන්නෙ. මට තේරෙන තාලෙට එයාලගෙ පෞද්ගලික අදහසක් නෑ මේ ක්‍ෂේත්‍රයට කෙලවන්න. තියෙන එකම අවශ්‍යතාවය ජීවිතය ගැටගහගන්න කීයක් හරි හොයන එක. හරියට රුපියල් 100 ක් වෙන පොත් 5ක් රුපියල් 500 ට නැතුව කෝච්චිය පුරා රුපියල් 100ක් දෙන්න මේ පොත් 5ම දෙනව වගේ වැඩක්. ඕන තරම් දැකල ඇති ඒ වගේ දේවල්. ඉතින් අර මනුස්සය පොත් 5ම රුපියල් 100 ට දුන්න කියල අර අර මිනිස්සු කඩවල් ගානෙ ගිහින් කියනවද, අර මනුස්සය 5ම 100 ට දුන්න, උඹල එකක් 100 ට දෙනව. එහෙම බෑ අපිට පොත් 5ක් රුපියල් 100 ට ඕන කියල. නෑ. මොකද අපිට එතන ඇත්ත තත්වය තේරෙනව. මෙතනත් ඒ වගේ වාතාවරණයක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩී. ඉතින් අපි ඒ වෙලාවට කිසිම විදියකට බය වෙන්න අවශ්‍යතාවයක් නෑ කියලයි මම හිතන්නෙ.

හොස්ටින් කරන කෙනෙක් විදියට මම දැකල තියෙනව සමහර customers ල ඉන්නව එයාලට ඕන වැඩිම Price එක තියෙන පැකේජ් එක. ඒ කට්ටිය හිතනව අඩුවට තියෙන එක වැඩක් නෑ කියල. ඒ වගේ තමයි Web designing field එකෙත්. අනික රැවටෙන customers ලගෙ මොලේ පාදන එක මේ Field එකේ කාලයක් තිස්සෙ ඉඳන් ඉන්න කට්ටියගෙ වැඩක්. එයාල දැනගන්න ඕන කිසිම 5000 කෑලි දෙන කෙනෙක්ගෙන් නොලැබෙන විදියෙ සේවාවක් customers ලට දෙන්න.. ඒ කිව්වෙ 65,000 ට හදන site එකේ stock images දාල, premium themes, license proof එකක් දීල, Comodo SSL වගේ අරන් දීල Website එක තප්පර 2න් Load වෙන්න තරමටම Optimize කරල දීල, SEO Friendly විදියට Coding Part එක කරල දීල, Social Media friendly විදියට og tags එහෙම හරියට දාල දීල, Client ගෙ Business එක නිවැරදිව Analyze කරල ඌට Website එකෙන් Sales අනිවාරෙන් වැඩි වෙන විදියට layout & contents place කරල, නිවැරදිව Responsive කරල දීල හරි විදියට කරල දෙන්නත් දැනගන්න ඕන. උන් ටිකත් අර මනුස්සය වගේ බාගෙට අටවල 50,000 ක් කඩනව නම් ඇත්තටම වැරදි 5000 ට Nulled Themes දාල දෙන මනුස්සය නෙමෙයි, අර 50,000 ට ජරාව දෙන මනුස්සය. ඉතින් අපි දැනගන්න ඕන හොඳම Quality Product එකක් ලොකු ගාණකට දීල Customer ව තෘප්තිමත් කරන්න. එහෙම තෘප්තිමත් වෙච්ච Customer කෙනෙක් කවදාවත් තව කෙනෙකුට කියන්නෙ නෑ 5000 ට සයිට් එක හදව ගනින් කියල. අනිවා කියන්නෙ ගාන ටිකක් සැරයි මචං හැබැයි මාස 2න් Google එකේ පලවෙනි පිටුවෙ. උන් සුපිරියට වැඩේ කරල දුන්න කියලයි....


මමත් personally 2008 ඉඳන් Website හදනව. කවදාවත් රුපියල් 25,000 ට අඩුවෙන් කරල නෑ. මමත් ඉස්සර කැමති උනේ නෑ 5000 ට හදන එවුන්ට. බැන බැන හිටියෙ. හැබැයි අපේ Qualities වැඩි කරගෙන, Experience එක වැඩි කරගෙන යද්දි දැනෙන්න ගන්නව Competitors ල ප්‍රමාණය එන්න එන්න අඩු වෙනව කියල. අන්න එතන්ට එන්න මාන බලන්න ඕන හැමෝම. 5000 ට Site හදන කෙනත් බලන්න ඕන හොඳට ඉගෙනගෙන Skills හදාගෙන, ඔයාගෙ නැති Qualities ඇති කෙනෙක්ගෙන් ඉගෙනගෙන, හොඳ Business Plan එකකට වැඩ ටික කරන්න පටන් ගන්න. එතකොට එයාට තව දුරටත් 5,000 ට හදන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඉතින් දැනුම ඇති නැති හැමෝටම සහයෝගයෙන් දැනුම වැඩි දියුණු කරගෙන ගේමක් ගහගන්න, වැඩියෙන් උපයගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

Comments